Visit Website

කොරියානු හෝඩිය - ස්වර Korean Alphabet - Vowels

කොරියානු භාෂාව ඉගෙනගැනීමේදී පළමු පියවර කොරියානු හෝඩිය (හංගල්) හෙවත් කොරියානු අක්ෂර මාලාව ඉගෙනගැනීමයි.
korean-alphabet

කොරියානු භාෂාවේ හෝඩිය, "한글" (Hangeul) ලෙස හඳුන්වන අතර, මෙය ඉතාම සරල සහ නිවැරදි අක්ෂර මාලාවකි. Hangeul හි ස්වර (vowels) සහ ව්‍යංජන (consonants) ලෙස අක්ෂර දෙකකට බෙදා හැරිය හැක. මෙහිදී, ස්වර අක්ෂර මොනවාද, මෙන්ම එහි උච්චාරණය කෙසේද යන්න පැහැදිලි කරමු.

ස්වර ලියනු ලබන්නේ ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් වන අතර ස්වරයක් තනිවම උච්චාරණය කළ හැකි නමුත් තනිව ලිවිය නොහැක. ඒ සඳහා "ㅇ"ව්‍යංජන අක්ෂරය යොදාගනු ලැබේ. එම "ㅇ"අක්ෂරය එකතු කිරීමේ දී. සිරස් අතට ලියන ලද ස්වරයක් නම් “o“ අක්ෂරය ලියා ඉදිරියෙන් අදාළ ස්වරය ලියන අතර තිරස් අතට ලියන ලද ස්වරයක් නම් “o” අක්ෂරය ලියා එයට පහළින් අදාළ ස්වරය ලියනු ලැබේ.

මුල් ස්වර (Basic Vowels)

කොරියානු හෝඩියේ මුල් ස්වර 10ක් තිබේ. එම අකුරු පහත සඳහන් වේ:

Vowel Pronunciation
ㅏ (a) “අ”
ㅑ (ya) “යා”
ㅓ (eo) “ඔ”
ㅕ (yeo) “යො”
ㅗ (o) “ඔ”
ㅛ (yo) “යො”
ㅜ (u) “උ”
ㅠ (yu) “යු”
ㅡ (eu) “අ/උ”‍
ㅣ (i) “ඉ”

සංයුක්ත ස්වර (Compound vowels)

මෙම මුල් ස්වර වලට අමතරව, සංයුක්ත ස්වර 11 පවතී. මෙය මූලික ස්වර 2ක් එකට සම්බන්ධ කරමින් නිර්මාණය වේ:

Vowel Pronunciation
ㅐ (ae) “එ”
ㅒ (yae) “යෙ”
ㅔ (e) “ඒ”
ㅖ (ye) “යේ”
ㅘ (wa) “වා”
ㅙ (wae) “වේ”
ㅚ (oe) “වෙ”
ㅝ (wo) “වො”
ㅞ (we) “වෙ”‍
ㅟ (wi) “වී”
ㅢ (ui) “අඉ”

අපි දැන් ස්වර ඉගෙන ගත් නිසා වචන ටිකක් කියවන්න බලමු.

About the author

Admin
Hi, I am YR Maduranga and my motive is to give you the best guide over your Query☺️

Post a Comment

Visit Website
Visit Website